ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තවමත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් වාර සඳහා බලපෑමක් ඇතිව නොමැත. ගුවන් නියමුවන් සඳහා කරන මත්ද්‍රව්‍ය පරීක්ෂාව ජාත්‍යන්තර ප්‍රමිති අනුව සිදුනොකරන බව පවසමින් ඔවුහු අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එකඳු ගුවන් ගමනක් ප්‍රමාද වීමක් හෝ අවලංගු කිරීමක් මේ දක්වා සිදුකර නොමැත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අලාභ යැයි පවසන ගුවන් ගමන් බොහෝමයක් අත්හිටුවා තිබීම මේ සඳහා හේතුව වන අතර එහෙයින් ගුවන් නියමුවන් අතිරේක රාජකාරි සඳහා යෙදවීමේ අවශ්‍යතාවක් පැන නැගී නොමැත.