ගුවන් අනතුර ගැන පරීක්ෂණයක්
අද පෙරවරුවේදී සිදුවූ ගුවන් අනතුර පිළිබඳව සොය සඳහා ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ යුත් කමිටවක් පත්කර තිබේ.
එසේම මෙම අනතුරින් පසුව ඇන්ටනෝව් යානා පියාසර කිරීම තාවකාලිකව අත්හිටු වූ බවත්, නැවත පියාසර කිරීම අරඹන දිනයක් නිශ්චිතව පැවසිය නොහැකි බවත්, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ෂේන් සෙනෙවිරත්න මහතා පැවැසීය.
ගුවන් අනතුරක් සිදු වූ පසුව, ඊට හේතුව දැනගන්නා තෙක් එම වර්ගයේ ගුවන්යානා ගුවන්ගත කිරීම අත්හිටුවීම සාමාන්‍ය තත්ත්වයක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව මෙම අනතුරට හේතුව ඇන්ටනොව් 32 යානාවලට පොදු තත්ත්වයක් නොවන බව තහවුරු කරගැනීමෙන් පසු ඇන්ටනොව් යානා ගුවන්ගත කිරීම ඇරඹෙනු ඇත.
ඡායාරූප ගයාත්‍රි ශෂිකලා
අනතුරට පත්වූ ගුවන් හමුදා සාමාජිකයෝ
වැඩිපුර ඡායාරූප සඳහා http://goo.gl/BMkjJF
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

