ගුරුවරුන්ගේ උසස්වීම් හා හිඟ මුදල් ලබාදීම ඇතුළු කටයුතු වෙනුවෙන් සිදුකළ අන්තර්කාලීන විධිවිධාන කලාප කාර්යාලවලට ලිඛිතව දැන්වීමට කටයුතු නොකිරීම නිසා ගුරුවරුන් 50,000කට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
2014 වසරේ ඔක්තෝබර් 23 වැනිදා නිකුත් කළ නව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන් අන්තර්ග්‍රහණය කිරීම, උසස්වීම් හා වැටුප් ඉහළ දැමීම වැනි කටයුතු සඳහා අන්තර්කාලීන කාලයක් එදින සිට 2017 ඔක්තෝබර් 23 වැනිදා දක්වා ක්‍රියාත්මක කළ බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
එහෙත් පළමු අන්තර්කාලීන විධිවිධාන කාලය තුළදී එම කටයුතු සිදු කිරීමට බලධාරීන්ට නොහැකි වූ බවද ඔහු පවසා සිටියේය.
එහෙත් එම කාලය නීත්‍යනුකූලව ප්‍රකාශ කර තිබීම නිසා ගුරුවරුන්ට විශාල ගැටලු ඇති නොවූ බවද ඒ මහතා කියා සිටියේය. එම කාලය තුළ වැඩ කටයුතු සිදු කිරීමට නොහැකි වූ නිසා 2019 වසරේ ඔක්තෝබර් මස 24 වැනිදා දක්වා අන්තර්කාලීන විධිවිධාන කාලය දීර්ඝ කිරීමට බලධාරීන් කටයුතු කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.
එහෙත් සිදුකළ දීර්ඝ කිරීම කාලය පිළිබඳ කලාප කාර්යාල 98 සඳහා මෙතෙක් දන්වා යවා නොමැති බවත්, මේ නිසා අදාළ කාලය තුළදී වැටුප් වර්ධක ලැබිය යුතු ගුරුවරුන් 50,000කට අධික ප්‍රමාණයකට එම වරප්‍රසාද අහිමි වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
අදාළ තීරණය දැනුම් දෙනතුරු ගුරුවරුන්ට මෙම ගැටලුවලට මුහුණදීමට සිදුවන බවද ඒ මහතා පවසා සිටියේය.