(PICTURES) නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය දණගැස්සවීමේ සිද්ධියේ සිව්වැනි සාක්ෂිකරුගේ සිරුර අද එම විදුහල ඉදිරිපිටින් සොයාගෙන තිබේ. ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පුණ්‍යසේන බණ්ඩාර නැමැති පුද්ගලයා බිමට ඇබ්බැහිවී තිබෙන බවත් ඔහුට අපස්මාරය රෝගය තිබුණ බවටත් වාර්තා වෙයි.
මියගිය පුද්ගලයා දරුවන් තිදෙනෙකුගේ පියෙකු වෙයි. මරණයට හේතුව පිළිබඳව සොයා පොලීසිය පරික්ෂන පවත්වයි.