මේ වසර අවසන් වනවිට දිවයිනේ සියලු පාසල්වල ගුරු හිඟය පියවීමට රජයේ විශේෂ අවධානය යොමුවී තිබේ.
ඒ අනුව වාර්ෂිකව විද්‍යාපීඨ වලින් නික්මෙන ඩිප්ලෝමාධාරීන් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට අමතරව ඉදිරියේදී උපාධිධාරීන් 1093ක් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.
එමෙන්ම පළාත් සභා පාසල්වල පවත්නා උපාධිධාරී නොවන ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමටද මේ වන විට ඒ ඒ පළාත් සභාවලට උපදෙස් ලබාදී තිබේ.