හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුව වෙත ප්‍රවේශ වීම වැළැක්වෙනු ඇති බව කතානායක කාර්යාලය නිවේදනය කරයි.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.
එම තීන්දුව ඊයේ (06දා) පාර්ලිමෙන්තුවට ලැබී ඇති අතර එම තීන්දුව මැතිවරණ කොමිසමට දන්වා යැවීමට කතානායක කාර්යාලය කටයුතු කිරීමත් සමග ගීතා කුමාරසිංහ මහත්මියගේ මනත්‍රී වරප්‍රසාද අහිමිවෙයි.