ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමි වීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතානිදහස් සන්ධාන අපේක්ෂක ලැයිස්තුවට බලපෑමක් එල්ල නොවන බවපිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (06දා) පැවසීය.
ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ලැයිස්තුව අහෝසි විය හැකියැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් රටට බොරු බිල්ලෙකු මවමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසුකම් තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියේ. නාමයෝජනා ලැයිස්තුවක් ප්‍රතික්ෂේප කිරීමට හේතු තිබෙන්නේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 19 වැනි වගන්තියේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාව සංශෝධනය කරලා 91(ඈ) (xiii) අනු වගන්තිය ලෙස ද්විත්ව පුරවැසියෙකු වීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට වගේම කටයුතු කරගෙන යෑමට නුසුදුසුකමක් බවට පත් කළා.
නමුත් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කරලා නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කිරීමට ඒක හේතුවක් කළේ නෑ. එහෙම කරල නෑ විතරක් නෙමේ එහෙම කරන්නත් බෑ. මොකද කවුරු හරි විරෝධයක් පළ කරලා කියනවා අහවල් අපේක්ෂකයා ද්විත්ව පුරවැසියෙක් කියලා. තේරීම් භාර නිලධාරීවරයා කොහොමද ඒ විරෝධතාව මත පදනම් වී නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කරන්නේ. ඒ විරෝධතාව හරියැයි සනාථකරගන්නේ කොහොමද? මොකද ඒක ක්ෂණිකව කළ හැක්කක් නොවේ.
ලියකියවිලි පරීක්ෂා කර බලා කරුණුවලට සවන්දී කළ යුතු දෙයක්. ඒ නිසා තමයි එම කාරණය අධිකරණයට බාරදී තිබෙන්නේ. ඒ නිසා ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමි වීමෙන් ගාලුසන්ධාන ලැයිස්තුවට කිසිම බලපෑමක් එල්ල කරන්නේ නෑ. නීතිය දන්න කෙනෙක් විදිහට මම ඒක ඉතාම වගකීමෙන් කියනවා."