ගිරව් හෙවත් HumpHead Wrasse නැමැති මසුන් ඇල්ලීමට, කොන්දේසි සහිතව මසක කලකට අවසරදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නොගැඹුරු වෙරළ තීරයේ ජීවත් වන මෙම මසුන් ඇල්ලීම තහනම් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් පාර්ශ්ව කිහිපයක් ඉල්ලා සිටීම හේතුවෙන් එම මසුන් ඇල්ලීම තහනම් කිරීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබුණි.
නමුත් මාසයක කාලයක් මෙම මසුන් ඇල්ලීම සඳහා අවසර ලබා දෙන අතර, ඒ සදහා කොන්දේසි මාලාවක් සකස් කිරීමටද නියමිතය.
අල්ලා ගන්නා මසුන්ගේ විශාලත්වය, සැලකිල්ලට ගෙන කොන්දේසි මාලාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ධීවරයන් එම කොන්දේසි අනුව කටයුතු නොකරන්නේ නම් ගිරව් මසුන් ඇල්ලීම තහනම් කිරීමට පියවර ගන්නා බවද, අමාත්‍යවරයා පවසා තිබේ.