නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව බෝර 12 ගිනිඅවියක් සහ එම ජීව උණ්ඩ හතරක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු කබරගලදී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලීසිය පවසයි.
පනස් හතර හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට පත් සැකකරු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරදකරුවී දඬුවම් විඳ නිදහස්වී ඇති අයෙකු බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.
හබරාදූව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.