වතු සේවක වැටුප් ගැටලුවට අද දිනය තුළ විසඳුම් නොලැබුණහොත් සිය සිරුරට ගිනි තබාගන්නා බව පැවසු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී, වඩිවෙල් සුරේෂ් මහතා පෙට්රල් ගැලුම් දෙකක් අතැතිව අද(19) මැති සබයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් එය වැළැක්වීය. වතු සේවකයින්ගේ වැටුප් වැඩි කරන ලෙස රජය විසින් කඩිනමින් නියෝගයක් නිකුත් කළ යුතු බව ඔහු පැවසීය කෙසේවෙතත් අද ඡන්ද විමසීමේදී ඔහු අයවැයට පක්ෂව ඡන්දය ලබාදුනි.