ගින්තොට ප්‍රදේශයේ පසුගියදා ඇති වූ තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබුනද ප්‍රදේශයට ලබාදුන් ආරක්ෂාව ඒ අයුරින්ම පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ.
එම ආරක්ෂාව තව දුරටත් ඒ අයුරින්ම පවත්වාගෙන යන ලෙස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා හට දැනුම් දුන්නේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූයේ, නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ ස්වදේශකටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් සමග අද (19දා) ගිංතොට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය සාගල රත්නායක මහතාට පැවසූ අතර, එම වාර්තාව හැකි ඉක්මනින් ලබාදෙන්නැයි අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කළේය.
කෙසේවෙතත් තමා නැවත දැනුම්දෙන තුරු ගින්තොට ප්‍රදේශයේ ආරක්ෂාව ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම නොකළ යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.