ගාල්ල, ගිංතොට පොලිස් වසම් කිහිපයකට අද (18දා) දිනයේත් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද පස්වරු 4.00 සිට හෙට උදෑසන 9.00 දක්වා මෙම ඇඳිරි නීතිය ක්රියාත්මක වෙයි.
ගිංතොට කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදන, උක්වත්ත හා පියදිගම ග්රාමසේවා වසම්වලට මෙම ඇඳිරි නීතිය පනවා තිබේ.
ගිංතොට ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 19ක් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් එළැඹෙන 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල දිස්ත්රික් මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.