ගෑස් මිළ රුපියල් 200කින් පමණ ඉදිරියේදී වැඩිවිමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් අනාවරණය වෙයි. ගෑස් මිල වැඩි කළ යුතු බවට ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇතැත් එම ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කරමින් පවතින අතර ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් වාර්තා වෙයි.
විශේෂයෙන් ගෑස් සමාගම් පාඩු ලැබීමත්, ලෝක වෙළඳ පොළේ ගෑස් මිල පසුගිය කාලය තුළ ඉහළ යාමත් ඩොලරටේ මිල වැඩිවිම යන හේතූන් මත ගෑස් මිල වැඩිකිරීම සඳහා සමාගම් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
ගෑස් මිල වැඩි කිරීම සඳහා සමාගම් කර තිබෙන ඉල්ලීම පිළිබදව පසුගිදා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට භාජනය වී ඇති බවද වාර්තා වෙයි. අවසන්වරට 2016 වසරේ නොවැම්බර් මාස අයවැයෙන් ගෑස් මිල රුපියල් 25කින් අඩුවිය.
මහින්ද නිශ්ශංක ( ඉරිදා ලංකාදිප ඇසුරෙනි)