අම්පාර හා මහනුවර ප්‍රදේශවල ඇතිවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා වෙනස්ම අර්ථකනයක් ඉදිරපිත් කර තිබේ. සිය ට්විටර් ගිණුම ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ පසුගිය මෙන්ම වත්මන් ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරු දෙදෙනෙක් සිය පැවැත්ම වෙනුවෙන් මෙම කලබල ඇති කරන බවයි. එසේම එය ජාතික මැතිවරණයක් ආසන්නයේදි සිදුවන දෙයක් බවත් ඔහු පවසයි.
“2015 මැතිවරණයට (ජනපතිවරණය) පෙරාතුව අප්‍රසන්න අලුත්ගම සිදුවිම සිදුවුණා. තවත් ජාතික මැතිවරණක් ඉදිරියට තිබියදී එවැනිම ආකාරයක සිදුවිමක් ඇතිවුණා. අලුත්ගම සිදුවිමට සම්බන්ධ එවකට රජයේ ඇමතිවරු දෙදෙනෙක් මෙම රජයේ ඉන්නවා. මෙහි අරමුණ පැහැදිලියි. ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කලබල ඇතිකරනවා”