ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ ටෙන්ඩරයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් තහනම් කර ඇත.
පිළිකා රෝගීන් සඳහා ලබාදෙන Nimotuzumab Injection 500mg නමැති මෙම ගැටලුකාරී පිළිකා ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කිරීමට එම සමාගම කටයුතු කර ඇතැයි තොරතුරු හෙළි වී තිබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව අමාත්‍යවරයා පැවසීය.
මෙම ඖෂධ එකක මිල රුපියල් 51,000 ක් පමණ වන බවත්, එම ඖෂධ 600ක් ආනයනය කිරීම සඳහා වූ මෙම ටෙන්ඩරය මෙලෙස අවලංගු කර ඇතිබවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (03දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළේය.