දිවයිනේ ප්රදේශ කිහිපයක ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වන විට ක්රියාත්මක වෙයි.
පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත කටයුතුවලින් බැහැරව මෙම කල් තැබීමේ විවාදය පැවැත්වෙයි.
විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එමින් පැවැසුවේ ජාතිවාදී ගැටුම් සඳහා වගකිව යුත්ත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ යුතු බවයි.