ඊශ්රායලය හා පලස්තීන හමාස් සටන්කාමීන් අතර පැය 72ක කොන්දේසි විරහිත සටන් විරාමයක් ආරම්භ වී ඇති බවත්, ඊශ්රායල් සෙබළු ගාසා තීරයෙන් ඉවත් කරමින් සිටින බවත් විදෙස් පුවත් සේවා පවසයි.
ඊජිප්තු මැදිහත්වීම මත කයිරෝ අගනුවර පැවති සාකච්ඡාවකදී මෙම සටන් විරාමයට එළැඹී තිබේ. එහිදී, මෙම සාකච්ඡා වෙනුවෙන් පලස්තීනය පමණක් සහභාගි වුවත්, ඊජිප්තු මැදිහත් වීමෙන් ගෙනෙන කොන්දේසි විරහිත සටන් විරාමයට තම එකඟත්වය පළ කරන බව ඊශ්රායලය පවසා තිබුණි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මුන් මෙම සටන් විරාමය අගය කර ඇති අතර, ඉක්මණින්ම සාම සාකච්ඡා වෙත පිවිසෙන්නැයිද දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා තිබේ.
ගාසා තීරයේ මේ දක්වා පැවති සටන් හේතුවෙන් පලස්තීන ජාතිකයන් 1,800ක් හා ඊශ්රායල් ජාතිකයන් 67ක් මියගොස් තිබේ.