ගාල්ල වරායේ නැවක ඇති පාවෙන අවි ගබඩාව වෙනත් නැවකට මාරු කිරිමට ගාල්ල මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය එම නැව අයත් ඇවන්ගාඩ් සමාගමට ඊයේ (17) අවසර දුන්නාය
මේ අවි ගබඩාව වෙනත් නැවකට මාරු කිරීම පිළිබද නිතිපතිවරයාගේ විරෝධයක් නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්රාත්වරිය පාවෙන අවි ගබඩාව වෙනත් නැවකට මාරු කිරීමට අවසර දෙනු ලැබුවාය.
මීට පෙර මෙම අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ අවි ගබඩාව පිහිටි නැව ඉතා අබලන් තත්ත්වයේ පවතින නිසා තෙල් විසිරීමක් හෝ වෙනත්
ආපදාවක් සිදුවුවහොත් විශාල හානියක් සිදුවිමට ඉඩ ඇති බැවින් අවි ගබඩාව වෙනත් නැවකට මාරු කිරීමට නැව අයත් ඇවන්ගාඩ් සමාගමේ නීතිඥයෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.