(UPDATE)ගාල්ල වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ ඇතිවූ ගින්නෙන් පානීය ජලය බෙදාදීමේ ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතත් කරාපිටිය ශික්ෂණ රෝහලට, මහමෝදර මාතෘ රෝහලට අඛණ්ඩ ජල සැපයුමක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එම්.කේ.ලෙස්ලි මහතා පවසයි.
ගින්නෙනන් ජල පොම්පාගාරයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියට හානි සිදුව ඇති අතර විශේෂඥයන් ගෙන්වා දැනටමත් එහි පිළිසකර කටයුතු ආරම්භ කර ඇති බැවින් අද (16) දහවල් 12.00 පමණ වනවිට ජලපොම්පාගාරයේ බෙදාහැරීම් කටයුතු ආරම්භ කළ හැකිවන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සිරංගිකා ලොකුකරවිට
වක්වැල්ල ජල පවිත්රාගාරයෙ ඇති වූ ගින්නක් හේතුවෙන් ගාල්ල මහ නගර සභා බල ප්‍ර දේශයට ජල සැපයුම අත්හිටුවා ඇත.