ගාල්ල දිස්ත්රික්කයට අද (31දා) අලුයම් කාලයේ සිට ඇදහැළුණු අධික වර්ෂාව නිසා ප්රදේශ ගණනාවක මාර්ග ජලයෙන් යටවී ගමනාගාමන කටයුතුවලට දැඩි බාධා එල්ල විය.
ගාල්ල බද්දේගම මාර්ගය, දංගෙදර, හිරිඹුර,බෙලිගහ ආදී ප්රදේශවලින් ජලයෙන් යටව පැවැති අතර, ගාල්ල දික්කුඹුර මාර්ගයේ ඇළපහළ ප්රදේශයද ජලයෙන් යටව පැවතුණි.
මෙයට අමතරව ගාල්ල ඉමදුව මාර්ගය, පිලාන ප්රදේශයෙන් ජලයෙන් යටවූ අතර, බෝගහගොඩ වැලිකොන්ද මාර්ගය, දොරපේ අමුකොටුව පාර, අඟුළුගහ ඇළපහළ මාර්ගය, කබරගල විලේවත්ත මාර්ගය ඇතුළු අතුරු මාර්ග රැසක් ඊයේ (31දා) උදෑසන ජලයෙන් යටව පැවතුණි.
හිනිදුම රවින්ද්රශ්රීලාල්