ගාල්ල දිස්ත්රික්කයේ ගාල්ල ආසනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මුස්ලිම් ජනතාවගේ සහයෝගය නොලැබීම නිසා වැඩි ඡන්ද 737 කින් එක්සත් ජාතික පක්ෂයට ජය හිමිවී තිබේ.
ගාල්ල ආසනය තුළ ජීවත්වන මුස්ලිම් ජනතාවගේ සහයෝගය ලැබේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය අනුමාන කළත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාගත හැකි වූයේ ඡන්ද 18611 ක් පමණි. එහෙත් එම ආසනයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 19348 ක් ලබාගැනීමට හැකිවිය.