ගාල්ල - කොළඔ පාරේ වාහන ගමනයට සීමා
ගාල්ල - කොළඔ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනය අද (20දා) පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ සීමා කිරීමක් සිදුවන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය නිමිත්තෙන් මෙම පියවර ගෙන තිබේ.
ශාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ආරම්භ වන පෙරහර පරණ ගාලු පාර, ශාන්ත පීතර මාවත, ශාන්ත පීතර පටු මග ඔස්සේ නව ගාලු පාරට පිවිස ක්ලෝවිස් මාවත, පුරන්අප්පු රජ මාවත, හෝලී ක්‍රෝස් ඇවනිව්, ශාන්ත ජෝසප් වීදිය, කුරුස හන්දියෙන් නැවත පරණ ගාලු පාරට පිවිස දේවස්ථානයට ළඟාවීමට නියමිතය.
ඒ අනුව මේ කාලවකවානුව තුළ වාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් එම මාර්ග භාවිත කරන රියදුරන් හා මගී ජනතාවට හැකිතාක් වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.
මෙයට විකල්ප මාර්ග ලෙස කටුබැද්ද හන්දියෙන් පිළියන්දලට ගොස් කැස්බෑව හන්දියෙන් දකුණට හැරී බණ්ඩාරගම හංදියට ගොස් පානදුර හා කලුතර ප්‍රදේශයෙන් ගමන් කළ හැකි බවද පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

