අරජයේ මුදල්රුපියල් බිලියන හතර අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්රධානී ගාමීණි සෙනරත් ඇතුළු තිදෙනාට ඇප නියම කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
එක් අයකුට රුපියල් 50 000 බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් බැගින් නියම කරමින් ඔවුන්ව මුදා හැරීමට මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කළාය.
සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කෙරුණි.