77-94 එජාප ආණ්ඩු සමයේ යෝජනා කර තිබූ නමුත් අවසන් කිරීමට නොහැකි වූ අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂ සංවර්ධන ව්‍යාපෘති සියල්ල කාලයට ගැලපෙන ලෙස දියුණු කර අගෝස්තු 17 වැනිදායින් පසු ආරම්භ කරන බව එක්සත් ජාකතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසයි.
දයා ගමගේ මහතා මේ බව කියා සිටියේ දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවේ පැවති දෙහිඅත්තකණ්ඩිය කෘෂිකර්ම සමුළුව ඊයේ (09) අමතමිනි.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ නව කර්මාන්ත පුරවරයක් ආරම්භ කිරීමට ගාමිණී දිසානායක මහතා විසින් යෝජනා කර තිබිණි.
නමුත් 1994 ආණ්ඩු මාරුවත් සමග එම යෝජිත වැඩසටහන් කිසිවක් ආරම්භ කිරීමට පසුගිය ආණ්ඩු අපොහොසත් විය.
අගෝස්තු 17 වැනිදායින් පසු බිහිවන නව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කර්මාන්ත පුරවර දොළහ වැඩසටහන යටතේ ඉදිකෙරෙන පළමු කර්මාන්ත පුරවරය දෙහිඅත්තකණ්ඩියේ දී ආරම්භ කිරීමට දැනටමත් තමා විසින් යෝජනා කර අනුමැතිය ලබා ගෙන ඇති බව ඔහු කීවේය.