ගාන්ධිලාගේ ඉල්ලා අස්වීම් ප්‍රතික්ෂේප වෙලා
මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන් සිය ඉල්ලා අස්වීම් ඉදිරිපත් කළ සෝනියා ගාන්ධි හා රාහුල් ගාන්ධිගේ අස්වීමේ ලිපි කොංග්රස් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
මහ මැතිවරණයෙන් පසු ඉන්දියාවේ අගනගරය වන දිල්ලියේදී අද (19දා) පැවති පක්ෂ රැස්වීමේදී මෙසේ ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ප්‍රතික්ෂේප වී ඇති බව කියැවෙයි.
මෙවර මහ මැතිවරණයේදී ලෝක් සභාව වෙනුවෙන් තෝරා පත්කර ගැනෙන මන්ත්‍රීවරු 543න්, කොංග්‍රසයට දිනාගැනීමට හැකිවූයේ මන්ත්‍රීන් 44ක් පමණි. එය සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 20%ක අගයක් වන අතර, කොංග්රස් පක්ෂය ඉතිහාසයේ ලැබූ දැවැන්ත පරාජයකි.
මෙවර මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගනිමින් මන්ත්‍රීවරුන් 282ක බලයක් හිමිකර ගත් අතර, නව අගමැති ලෙස එම පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝඩි 21 වැනිදා දිවුරුම් දීමටද නියමිතය.
කොංග්රස් නායිකා සෝනයා මෙන්ම උප සභාපති රාහුල් ගාන්ධි මැතිවරණ පරාජයේ වගකීම ඡන්ද ප්‍රතිඵලවලින් පසුව භාරගත්හ.
කොංග්රස් මන්ත්‍රී අමරින්දර් සිං පවසා සිටියේ සෝනියා මෙන්ම රාහුල් ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන්නත්, පක්ෂය එකහෙලාම එය ප්‍රතික්ෂේප කළ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

