මෙගාඩීල් කළ පුද්ගලයින්ට දඬුවම් දීම සඳහා පනතක් ගෙවන බව යහපාලන එක්සත් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක, අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා කීවේය. අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරඑටත් පැවැසුවේ මෛත්රීපාලන ප්‍රතිපත්තියේ සඳහන් ඇතැම් කරුණු ඉටුකරගැනීමටද අවස්ථාවක් නොලැබුණ බවයි.
"ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මකවීමට පසුගිය කාලයේ ඉඩ ලැබුණේ නැහැ. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කර දූෂණ මර්ධන ව්‍යවස්ථාපිත කොමිෂමක් පත්කිරීම අපේ මූලිකම කටයුත්තක්. ඒ මඟින් පසුගිය කාලයේ සිදුවුණ කළමනාකරණ, මූල්‍යමය වශයෙන් සිදුවුණ මහා පරිමාණ මෙගාඩීල් කළ අයට දඞුවම් දීමට පනතක් ගෙනෙනවා. අපේ ප්‍රධාන අරමුණ වූ මෛත්රීපාලනයක් නමින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතැම් කරුණු ඉෂ්ඨ කරගන්න බැරිවුණා. මොකද ඒ ජනාධිපතිවරණයේදී ලැබුණ ජනවරම නෙමෙයි පාර්ලිමේන්තුවේ තිබුණේ.
දැන් මේ රටට ස්ථාවර පාලනයක් අවශ්‍යයි. ඒ සඳහා සෑම දේශපාලන පක්ෂයක්ම නව ගමනකට නව යුගයකට සූදානම් විය යුතුයි.මහින්ද රාජපක්ෂ මහතාගේ ගමන පරාජය කිරීම අපගේ මූලික අපේක්ෂාව නොවෙයි. විවේචකයින් පමණක් බවට පත්වීම අපේ බලාපොරොත්තුව නොවෙයි. රට ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න වගේම රටට ධනාත්මක අඩි තාලමක් දමන්නට යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ, සමාජ දේශපාලන වශයෙන් කැපවී කටයුතු කිරීමට බලාපොරොපත්තු වෙනවා." යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.