ග්රෑන්ඩ්පාස් වෙඩිතැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
කොළඹ ග්රෑන්ඩ්පාස් ඇන්ඩෘෘගේ වත්ත ප්රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමක දී පුද්ගලයින්යින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.
අද (29දා) රාත්රී 8.50ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පැවසෙයි.
වෙඩි තැබීම සිදුකළ යතුරු පැදි කරුවන් දෙදෙනා වෙඩි තැබීමෙන් අනතුරුව යතුරු පැදිය එම ස්ථානයේ දමා පළා ගොස් ඇති බවත් සිද්ධිය වූ ස්ථානයේ දී ම වෙඩි ප්රහාරයට ගොදුරු වූ පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
තුවාල කරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම වෙඩි තැබීමට හේතුව නිෂ්චිතව මෙතෙක් අනාවරණය වී නැතත් පාතාල සබඳතාවක් හෝ කුඩු ජාවාරම හා සම්බන්ධ සිදුවීමක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.
විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් සිදුවීම පිළිබඳව අද රාත්රියේ දීම පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

