රත්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල සෙනරත් දිසානායක මහතාගේ සේවය ඊයේ (18දා) දින සිට අත්හිටුවීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කටයුතු කර ඇත.
ඔහු විසින් උඩුදුම්බර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටියදී එම ප්රදේශයේ ග්රාම නිලධාරීනියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධ පැමිණිල්ලකට අදාළව පැවැත්වෙන විමර්ශනයට අනුව පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ඔහුගේ සේවය අත්හිටුවීමට පොලිස්පතිවරයා තිබේ.