ගල් වැලි හා පස් සඳහා බලපත්‍ර ලබාදීම නවත්වා නෑ
ගල්, වැලි සහ පස් සඳහා බලපත්‍ර ලබාදීම රජය නවතා දමා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ගල්, වැලි සහ පස් ලබා ගැනීමේදී ජාවාරම්කාර ව්‍යාපාරිකයන් විසින් සිදු කරන අක්‍රමිකතා මැඬලීමට රජය පසුගිය කාලයේ තීරණ කිහිපයකට එළැඹුණු බවත්, ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා අවශ්‍ය ගල්, වැලි සහ පස් සුදුසු ස්ථානවලින් ලබා ගැනීම පිළිබඳ කිසිදු තහනමක් නොමැති බවත් ඔහු පවසා සිටියේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ, ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුවී ඇති අභියෝග සහ යෝජිත කි‍්‍රයාමාර්ග පිළිබඳ ඊයේ (29දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
මේ අතර, ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා අවශ්‍ය ගල්, වැලි සහ පස් ලබා ගැනීමේ බලපත්‍ර එකම ස්ථානයකින් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

