ලංකා ගල් අඟුරු සමාගම වසා දමා එහි සියලු මෙහෙයුම් කටයුතු ලංකා විදුලිබල මණ්ඩලයට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කර ඇතැයි අද ට වාර්තා වේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලය ඉවත්කර එම සමාගම විසුරුවා හැරීමටත්, පසුව එය ලංකා විදුලිබල මණ්ඩලය යටතට පත්කිරීමටත් නියමිතය.
ලංකා ගල් අඟුරු සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට යටත්ව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන අතර, එහි වත්මන් සභාපතිවරයා ලෙස මෛත්‍රී ගුණරත්න මහතා කටයුතු කරයි. ඔහු පත්කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.