නීතිවිරෝධී ලෙස විදුලිබල මණ්ඩලයට ගල්අඟුරු මිලදී ගැනීමේ කටයුත්තට සහයෝගය නොදැක්වීමේ චෝදනාවට ආයෝජන මණ්ඩලයේ ඉහළ තනතුරක් දරන නිලධාරියෙකුව ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරයි.
එම ඉවත් කිරීම හෙට (19දා) හෝ අනිද්දා (20දා) දිනයේදී සිදුවීමට නියමිත බවද එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
සිදුකරන ගල්අඟුරු මාෆියාව තුළින් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී වසර 04ක් තුළ ගල් අඟුරු තුළින් නීතිවිරෝධී ලෙස උපයාගත් මුදලට වඩා වැඩි මුදලක් වර්තමාන ආණ්ඩුවේ දේශපාලනඥයන් මාස 04ක් තුළ උපයාගෙන ඇතැයිද හෙතෙම පවසා සිටියේය.