මීරිගම, දඹුගොල්ල ගල් කොරියක ගල් මිලට ගැනීමට පැමිණි ටිපර් රථයක සිටි පුද්ගලයන් තිදෙනෙකු මට ගලක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනා මීරිගම රෝහලට ඇතුළත් කිරිමේදී මෙසේ එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත. අනෙක් දෙදෙනා වැඩිදුර ප්රතිකාර සඳහා වතුපිටිවල රෝහලට මාරු කර යවා තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාහේන, වරකාපොළ පදිංචි 19 හැවැරිදි ටිපර් රථයේ රියදුරු වූ තරිඳු ප්රියාන් නැමැත්තෙකි.