ඇසිටමිනොෆෙන් (Acetaminophen) නමින් හඳුන්වන කොළ පැහැති පැරසිටමෝල් දියරය ඇතුළු පැරසිටමෝල් ඖෂධය ගැබ් දරන කාලයේ නිතර භාවිතයෙන් ගැබ තුළ වැඩෙන දරුවා 'පාලනය කිරීමට අපහසු ක්‍රියාකාරී දරුවෙක්' වී ඇටෙන්ෂන් ඩෙෆිසිට් හයිපර් ඇක්ටිවිටි ඩිසෝඩර් (Attention deficit hyperactivity disorder) නොහොත් AD HD රෝග තත්ත්වයට ගොදුරුවීමේ අවදානමක් ඇතැයි හෙළි වී තිබේ.
වෛද්‍ය නිර්දේශයකින් තොරව විවෘත වෙළෙඳ පොළින් ලබාගත හැකි තරමේ විශ්වසනීයත්වයක් තබා ඇති පැරසිටමෝල් වර්ගයේ ඖෂධ ගැබිනි සමයේ වෛද්‍ය නිර්දේශයින් තොරව ලොවපුරාම මවුවරුන් ලබාගන්නා ඖෂධයක් වන අතර, මෙම ඖෂධයට වැදෑමහ හරහා දරුවාට බලපෑම් කළ හැකි බව මේ පරීක්ෂණයෙන් තහවුරු කර ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පවසයි.
ගර්භිණී මවුවරුන් මේ නිසා පැරසිටමෝල් අඩංගු ඖෂධ ගර්භිණී කාලයේදී වෛද්‍ය උපදේශයකින් හා නිර්දේශයකින් තොරව භාවිත නොකිරීම ගැටලු ඇති කිරීමට හේතුවක් බව, ඩෙන්මාර්කයේ පිළිගත් පර්යේෂණ ආයතනයක් මවුවරුන් 64,000 ක් යොදාගෙන සිදුකරන ලද පරීක්ෂණයෙන් හෙළිකරගෙන තිබේ.