පසුගිය වසර ඇතුළත වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් මුහුණුපොතේ (ෆේස්බුක්හි)සඳහන් ජනතා විරෝධය දැක්වෙන ප්‍රකාශ එකතු කරමින් ‘යමපාලනයේ පළමු වසර’ නමින් පොතක් එළිදක්වන බව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද(11) පැවසීය.
මේ දිනවල එයට අදාළ කාරණා විමර්ශනය කරමින් සිටින බවත්, ආණ්ඩුවට එරෙහිව කළුකොඩි එසවිය යුත්තේ ඇයිද යනුවෙන් සඳහන් කරමින් මුහුණු පොතේ කාරණා 67ක් සඳහන්ව තිබුණු බවත් මන්ත්‍රීවරයා කීය.
පිටකෝට්ටේ, පාගොඩ පාරේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.