පසුගිය පළාත් සභා මැතිවරණයේදී මහජනතාවගෙන් එකතු කළ රුපියල් 100 ක මුදල ඉල්ලා පළාත් සභා මන්ත්රී උදය ප්රභාත් ගම්මන්පිල මහතාගේ නිවස ඉදිරිපිට සහ ප්රධාන කාර්යාලය ඉදිරිපිට අද (15දා) උද්ඝෝෂණයක් පැවැත්විණි.
බොරැල්ල ටිකල් පාරේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්රධාන කාර්යාලය ඉදිරිපිට සහ තලවතුගොඩ කුමාරගේ වත්ත පාරේ පිහිටි ඒ මහතාගේ නිවස ඉදිරිපිට මෙම උද්ඝෝෂණ සිදුකෙරිණි.
එම අවස්ථාවට සහභාගී වූ ජනතාව ප්රකාශ කළේ රුපියල් 100 බැගින් ලක්ෂ 47 ක මුදලක් එකතු වූ බවත්, එම මුදල් පෞද්ගලික කටයුතු සඳහා යොදාගෙන ඇති බවත්ය.
එසේම කරුණා සමාධි පදනම යටතේ රණවිරුවන් සඳහා බව කියමින් තවත් රුපියල් ලක්ෂ 20 ක මුදල් එකතු කරගෙන තිබුණු බවද ඔවුහු එහිදී සඳහන් කළහ.
.gif)
ඡායාරූප - ඉසුරු පෙරේරා