බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමයේ මධ්‍යමකාරක සභාවේ සහ උත්තරීතර මණ්ඩලයේ සියලු රහස් සාකච්ඡාවල තොරතුරු එසැනින් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබුණු බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා ප්‍රකාශ කළේය.
එම පක්ෂයේ ප්‍රධන කාර්යාලයේ අද (29දා) පැවති මාධ්‍ය හමුවකදී අනුරුද්ධ ප්‍රදීප් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික හෙළ උරුමයට සමාන නමකින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.