ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතාට ඊයේ (31දා) රාත්රියේදී කිසියම් පිරිසක් විසින් පහරදී ඇති අතර, ඒ මහතා මේ වනවිට ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතාගේ කටවුට් සවිකරමින් සිටියදී විපක්ෂයේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකළ බවට ඒ මහතා ගනේමුල්ල පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.
මේ අතර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයිද ඉල්ලා ඇත.