ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුකරන සියලුම පස් කැපීම් වහාම නවතා දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භූවිද්‍යා හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුකරන පස් කැපීම් පිළිබඳව සොයාබලන ලෙසත්, නීතිවිරෝධී ලෙස පස් කැපීම සිදුකරන සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා භූවිද්‍යා හා පතල් කාර්යාංශයට උපදෙස් ලබා දී තිබේ.
පවතින නීතිරීතිවලට පටහැණිව ගම්පහ දිස්ත්‍රික්කය තුළ පස්කැපීම සිදුකර පරිසර විනාශයක් සිදුකරන බවට පළවූ මාධ්‍ය වාර්තා අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.