ගබ්සාව නීතිගත කිරීමට සිය විරෝධය දක්වන බව මහජන අයිතීන සුරැකිමේ පදනම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔවුන් සඳහන් කරන්නේ කුමන කරුණක් හේතුවෙන් හෝ ගබ්සා කිරිමට අවස්ථාව දුන්නත් එය මිනී මැරුමක් වෙන බවයි.
මෙවැනි තීරණ හරහා ස්ත්‍රී දූෂණ වැඩිවීම හා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ගේ සංඛ්‍යාවද ඉහළ යන බව එම සංවිධානය පෙන්වා දෙයි.
එසේම මිනි මැරීම ශ්‍රී ලංකවේ පවතින සියලු ආගම් වලින් තහනම් කර ඇති බවත් ප්‍රසූත කරන දරුවාගේ වගකීම මවට බාරගත නොහැකිනම් එම වගකීම රජය බාරගත යුතු බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.