ගත වූ කාලය පිළිබඳ තෘප්තිමත්
ගතවූ වසරක කාලය තුළ තමා ජනාධිපතිවශයෙන් කළ කී දෑ පිළිබඳය සෑහීමකට පත්වෙන බවත් රජයක් ලෙස ගත් තීන්දු තීරණ ඇතැමිවිට බඩට දැනෙන දේවල් නොවන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඊයේ (27දා) ගාලු සමය ප්‍රදර්ශනය විවෘත කරමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
“යපහත් රටක් හදන්න සියලු දෙනාගේම සමගිය අවශ්‍යයි. සංහිදියාව ජනතාව අතරේ පමණක් නෙමෙයි දේශපාලන පක්ෂ වශයෙන් දේශපාලන නායකයන් අතරද තිබිය යුතුයි. රටක් තුළ අසමගිය වපුරනවද, රටක් තුළ සමගිය ඇතිකරනවද කියා සෑම දෙනෙක්ම හදවතින් ඇසිය යුතු වෙනවා. පොදු ජනතාවගේ හඩ තේරුම් ගැනීම දේශපාලකයන්ගේ මූලික වගකීමක් වෙනවා.
ලබන ජනවාරි අටවැනිදා මේ රටේ ජනපතිවරයා ලෙස ජනතාව මාව පත්කරගෙන වසරක් සම්පූර්ණ වෙනවා. ඇතැම් අය මගෙන් අහනවා මේ කාල සීමාවේ කළ කී දේ ගැන තෘප්තිමත්ද කියලා. මම පැහැදිලිව දෙන උත්තරය තමයි ඒ පිළිබඳව තෘප්තිමත් කියලා. රජයක් ලෙස ගත් තීන්දු තීරණ දෛනික ජීවිතයට දැනෙන දේවල් නෙමෙයි. සරළව කියනවානම් බඩට දනෙන දේවල් නෙමයි. නමුත් මානවවාදී සමාජයක ජනතාවට අදහස නිදහස, ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් රාජ්ය්යක තිබිය යුතු විනිවිද භාවය වෙනුවෙන් ගමන් කළ යුතු ගමනක ප්‍රවේශයක් තමයි අපි ඉටුකළේ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

