මාතර මහානාම පාලම මතින් නිල්වලා ගඟට විසිකළ අවුරුදු 2 ක් සහ අවුරුදු 4 ක් වයසැති කුඩා දැරියන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට ශ්රී ලංකා යුද හමුදා සාමාජිකයෝ පිරිසක් මීට සුළු වේලාවකට පෙර සමත්වූහ.
මෙම කුඩා දැරියන් දෙදෙනා ගඟට විසිකළ පුද්ගලයා මාතර නගරය දෙසට දුවගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. දැනට මෙම දැරියන් දෙදෙනා මාතර රෝහලේ ප්රතිකාර ලබති.