තෙල් ටැංකි විකුණා දැමීම නවතා දමන ලෙසසිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වන නිසා අද (24දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඛනිජ තෙල් සංස්ථාව තුළ වැඩවර්ජනයක් සිදුකරන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරයි.
චීන වරාය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට හා හම්බන්තොට තෙල් ටැංකි චීනයට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙන බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට (25දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් එම සංගමයේ කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා මහතා සඳහන් කළේය.
මෙම වර්ජන කාලය තුළ තෙල් බෙදාහැරීම සිදුනොකරන බවත්, හෙට දිනය තුළ විසඳුම් නොලැබුණහොත් තෙල් ගොඩබෑමද නවතා දමන බවත් අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.