ඛනිජ තෙල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ විවාදය දැඩි ලෙස උණුසුම් වූ හෙයින් ඒ පිළිබඳ විවාදය අගෝස්තු මස 04දා දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා අද (28දා) නියම කළේය.
ඒ අනුව ඊයේ (27) සහ අද (28දා) පැවති විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබුණත් ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු මේ පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.