ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (01දා) පැවැති සාකච්ඡා සුබවාදී ලෙස අවසන් වූ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
චීන සමාගම සමග සාකච්ඡා කර වෘත්තීය සමිති විසින් පෙන්වා දෙන ලද කරුණු අදාළ ගිවිසුමට ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ බවද එම සංගමයේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
එහි මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පත්කළ බවද හෙතෙම පවසා සිටියේය. ඒ අනුව අද දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය ක්‍රියාත්මක නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ.