බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සකස් කළ කෝප් වාර්තාව ඉදිරි ක්රියාමාර්ග සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට කතානායක කරු ජයසූරිය මහතාගේ අවධානය යොමුව තිබේ.
අද (25දා) පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු සඳහන් කළ් මන්ත්රීවරු සියල්ලන්ම ඒ සඳහා එකඟ නම් කෝප් වාර්තාව වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට හැකි බවයි.
මීට ඉහතදී කෝප් වාර්තා නීතිපතිවරයා වෙත යොමුකළ අවස්ථා දැනගැනීමට නොමැති බව පෙන්වා දුන් කතානායකවරයා මෙම වාර්තාව නීතිපතිවරයාට යොමුකිරිම යහපත් පූර්වාදර්ශයක් වෙනු ඇති බවත් පැවැසීය.
එසේම ඉදිරියේදී ද පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා ඉදිරිපත් කරන වාර්තා වැඩිදුර කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීම කාලෝචිත ක්රියාමාර්ගයක් බවද ඔහු පැවැසීය.