පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සාමාජිකයන් 12 දෙනෙකු පමණක් පත් කිරීමට වර්තමාන පාර්ලිමේන්තුව තීරණය කර ඇත.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ඒ සඳහා 12 දෙනෙකු පමණක් පත් කළ යුතු වුවද, ඒ සඳහා මීට පෙර අවස්ථාවල සාමාජිකයන් 21 දෙනෙකු තරම් සංඛ්‍යාවක් පත්කර තිබිණි.
කෙසේ නමුදු තේරීම් කාරක සභාවට සාමාජිකයන් පැමිණීම අවම අගයක පැවැති නිසා එය 12 දෙනාගේ සීමාව ඉක්මවා නොයෑමට මෙවර තීරණය කර ඇති අතර, කමිටුවේ මංගල රැස්වීම හෙට (27දා) පැවැත්වීමට නියමිතය.