රුපියල් දෙකෝටි අසූපන් ලක්ෂයක් වටිනා වල්ලපට්ටා කිලෝග්‍රෑම් 38ක් චීනයට රැගෙන යෑමට උත්සාහ කළ චීන ජාතිකයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා රේගුව විසින් අද (18දා) අත්අඩංගුවට ගෙන තිබේ.
බෑග් තුනක අසුරා තිබූ මෙම වල්ලපට්ටා තොගය චීනයේ ෂැංහයින් වෙත ගෙන යෑමට සැලසුම් කර තිබූ බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 28 ක සහ වයස අවුරුදු 35 ක් වයසැති පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය.