රුපියල් නව කෝටි හැත්තෑපන් ලක්ෂයක් වටිනා වල්ලපට්ටා කිලෝග්රෑම් 64ක් සැකරුවන් 9 දෙනෙකු සමග අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරිහු සමත්වූහ. සැකකරුවන් රත්නපුර මහේස්ත්රාත් අධිකරණය හමුවට ඊයේ (18) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් රුපියල් පනස්දහසක් වූ ශරීර ඇප මත නිදහස් කෙරිණි.
රත්නපුර, අයගම ප්රදේශයේ කරන ලද වැටලීමකදී මෙම වල්ලපට්ටා තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර, කලවාන ප්රදේශයේ රක්ෂිත ඉඩම් ආශ්රිතව දීර්ඝ කාලයක තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවෝ කලවාන සහ කුකුළේගම ප්රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඉංගිරිය - මේනකා ප්රියදර්ශනී