කෝටි 35ක බදු නොගෙනීම නිසා ප්රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතනයක, නිෂ්පාදන කටයුතු පසුගියදා (16දා) සිට අත්හිටුවා ඇති බවට වාර්තාවේ.
හිඟ බදු මුදල් තිබුණත් මෙම ආයතනයට පසුගිය කාලය පුරාම බලපත්රය දීර්ඝ කිරීම කර තිබූ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මංගල සමරවීර මහතා මුදල් ඇමැති ලෙස පත්වීමෙන් පසු දෙවැනි වතාවටත් මෙහි බලපත්රය තාවකාලිකව අවලංගු කර තිබේ.
මේ අතර මෙම ආයතනය මගින් නැගෙනහිර පළාතේ පිහිටුවීමට ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇතත්, මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු හොර රහසේ සිදුවන බවට වාර්තා වී ඇත.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)