කටුනායක ගුවන්තොටුපළින් ඩුබායි බලා නීතිවිරෝධීව රැගෙන යාමට උත්සාහ කළ රුපියල් කෝටි 16 ලක්ෂ 60 ක විදේශ මුදල් ප්රමාණයක් සමග කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ගුවන්තොටුපළ රේගුව පවසයි.
ඊයේ (19දා) අලුයම 12.00 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් මෙසේ මුදල් රැගෙන යාමට උත්සාහ කළ කොළඹ ප්ර‘දේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු හා එක් පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීම් සිදුකරන බව රේගුව ප්රකාශකයෙක් පැවසීය.
ඉන්දික හේවාවිතාරන/ කපිල